Lanka Plus News

www.lankaplusnews.com

එක් මාත්‍රාවකින් පමණක් ආරක්ෂාව ලැබෙන්නේ නැහැ

කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව නොගත් පුද්ගලයින්ගේ කාර්යක්ෂම ප්‍රතිදේහ සියයට 26 කින් පහත වැටී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ඒ අනුව එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ ප්‍රතිදේහ මඟින් ලැබෙන ආරක්ෂාව සැලකිය යුතු අඩුවීමක් සති 16 කට පසු වාර්තා වූ බවද ඔහු සඳහන් කළා.

එක් මාත්‍රාවකින් පමණක් ආරක්ෂාවක් නොලැබෙන බවත් මාත්‍රා දෙකම ලබා ගැනීම ඉතාමත් වැදගත් බව ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com