කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න සාගරයේ පවත්නා ‘ද්‍රව්‍යයන් 54 ක්’ හඳුනා ගැනීමට ඒ වෙනුවෙන් යොදවා ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් අධිතාක්ෂණික පහසුකම් සහිත නෞකාවට හැකියාව ලැබී ඇති බව කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය පවසයි.
ඉන්දීය නාවික හමුදාවට අයත් සර්වේක්ෂක් (Survekshak) මෙම මෙහෙයුම සඳහා යොදවා ඇති අතර ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත එම නෞකාව කොළඹ වරායට ළඟාවන ලද්දේ පසුගිය ජුනි 24 වැනිදාය.
මෙම නෞකාව විසින් පසුගිය දින කිහිපයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලී ඇති සාගර ප්‍රදේශයේ සැතපුම් 208 ක වපසරිය තුළ සිදුකරන ලද පැති ස්කෑනර් සෝනාර් පරීක්ෂාවන්ගෙන් (Side Scan Sonar Survey) සාගරයේ පවතින මෙම ද්‍රව්‍යයන් නිරීක්ෂණය කර ඇත.
සංවේදක සහිත සමීක්ෂණ බෝට්ටු දෙකක සහ ගුවන් සහාය මෙම මෙහෙයුමට අතිරේක දායකත්වයක් ලබාදී තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති