එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලංකා උඩරට නර්තන ශිල්පිනි දිලිනි සෙනෙවිරත්න විසින් ඇයගේ පළමු ග්‍රන්ථය එළිදැක්වූ අතර එය උඩරට නර්තනයට හැඳින්වීමක් ලෙසින් නම් කර ඇත. ශ්‍රී ලංකාව සහ එහි ඉතිහාසය පාඨකයාට හඳුන්වා දෙන පරිච්ඡේද ගණනාවක් මෙන්ම එහි ඉතිහාසය සහ භාවිතයන් , උඩරට නර්තනය හා බැඳුනු පාරිභාෂිතයන් ද ග්‍රන්ථයේ අන්තර්ගත වේ. යොවුන් පාඨකයන් සම්බන්ධ කර ගැනීම සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් රැසක් ද මෙම කෘතියෙන් ඉදිරිපත් කෙරේ.
කතුවරිය, දිලිනි සෙනෙවිරත්න වසර 10 කට වැඩි කාලයක් එංගලන්තයේ උඩරට නැටුම් උගන්වමින්, නර්තනයේ යෙදෙමින්, රඟපාමින්, අභ්‍යාස කර ඇත. එක්සත් රාජධානියේ කලාශූරී කුමුදු පෙරේරා මහත්මියගේ සහ මහාචාර්ය මුදියන්සේ දිසානායකගේ මගපෙන්වීම යටතේ ඇය ශ්‍රී ලංකාවේ විවිධ කීර්තිමත් උත්සව සහ ස්ථාන වලදී ඉදිරිපත් කිරීම් කර ඇත. ඇයගේ ප්‍රධාන පර්යේෂණ අංශය වන්නේ උඩරට නර්තනය සහ ශ්‍රී ලංකාවෙන් ඔබ්බට එහි භාවිතය යන්නයි.
නිල පොත් එළිදැක්වීමේ උත්සවය Hilton London West End Hotel යේ DoubleTree හි පැවැත්විණි. පොත් එළිදැක්වීමේ උත්සවයට විශාල පිරිසක් සහභාගී වූ අතර සම්භාවනීය ආරාධිතයන් අතර Harrow කවුන්සිලයේ කරිමා මරික්කාර් මහත්මිය, කලාශුරි කුමුදු පෙරේරා මහත්මිය, වෘත්තීය ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ (APSL) සභාපති තුෂාර මධුරසිංහ මහතා සහ සාමාජික ලීනා කර්කේරා මහත්මිය, හිටපු ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය නලින් පෙරේරා, බොලිවුඩ් සමාගමේ අධ්‍යක්ෂිකා නිලීකා බෝස් මහත්මිය සහ බීබීසී විකාශක සහ චිත්‍රපට විචාරක අශාන්ති ඕම්කාර් මහත්මිය දැක ගන්නට ලැබුනා.

දිලිනි විසින් කෘතියේ පළමු පිටපත කලාශූරී කුමුදු පෙරේරා මහත්මිය වෙත පිළිගන්වමින් සිය පළමු කෘතිය එළිදැක්වීම “සිහිනයක් සැබෑ වූවක්” බව පවසමින් හැඟුම්බර සමාප්ති දේශනයක් පවත්වමින් සහය පළ කිරීමට පැමිණ සිටි සියලුම අමුත්තන්ට ස්තුතිය පුද කළාය.
මෙම පොත Amazon හි සහ ලොව පුරා අත්සන් කළ පිටපත් සඳහා shop.kandyandancers.com හරහා මිලදී ගැනීමට ලබා ගත හැක.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්