එක්සත් ජාතීන්ගේ සංවිධානයට වඩාත් ක්‍රියාකාරීව කටයුතු කිරීම සඳහා චීනය සිය සහාය දක්වයි.
එම සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ඊයේ(7) පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අදාළ විවාදයකදී මේ බව පැවසීය.
‘අනාගත ගිවිසුමේ’ සඳහන් වන දේශපාලන ප්‍රතිඥාව ප්‍රායෝගික ක්‍රියාවන් බවට පරිවර්තනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහයෝගය දැක්වීම සඳහා විවිධ පාර්ශ්ව සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Fu Cong මහතා එහිදී පැවසීය.
වඩාත් සමාන, සුරක්ෂිත, සමෘද්ධිමත් සහ තිරසර ලෝකයක් ගොඩනැගීම වෙනුවෙන් සෑම රටකම ජනතාව පෙනී සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ සම්බන්ධයෙන් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් හෙතෙම කියා සිටියේය.
පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුවේදී‘අනාගත ගිවිසුම’සම්මත කෙරිණ. එමගින් සමගිය සහ සහයෝගීතාව ශක්තිමත් කොට ගෝලීය පාලනය වැඩිදියුණු කිරීම සඳහා පැහැදිලි දේශපාලන සංඥාවක් ලබා දී ඇති අතර ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පැහැදිලි මාර්ගයක් ද පෙන්වා දී තිබෙන බව Fu Cong මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්