එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වන මහ මණ්ඩල සැසිවාරය ඇරඹේ.ඒ මහ මණ්ඩල නව සභාපති ඩෙනිස් ෆැන්සිස් මහතා ගේ ප්‍රධානත්වයෙනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා ගේ සමාරම්භක පණිවුඩය නියෝජ්‍ය මහ ලේකම් අමිනා මොහොමඩ් මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදි. ලෝකය ගැඹුරු අභියෝගයන්ට මුහුණ දෙන අතරම බෙදීම්වලට ලක්ව ඇති බවත් එය එක්සත් ජාතීන්ගේ සංවිධානය පරීක්ෂාවට ලක් කෙරෙන්නක් බවටත් ඉන් අනතුරු අඟවා තිබේ.
සිය සමාරම්භක අදහස් ඉදිරිපත් කළ මහ මණ්ඩල නව සභාපති ඩෙනිස් ෆැන්සිස් මහතා මහ මණ්ඩලයේ නව සැසිවාරය ආරම්භ වන්නේ භයංකර ගෝලීය න්‍යාය පත්‍රයකින් හා අභියෝග මාලාවක් මධ්‍යයේ බව සඳහන් කළේය.සාමය පෝෂණය කරමින් ඊට වඩාත් ගොදුරුවිය හැකි අය සවිබල ගන්වන ලෙසට හෙතෙම සාමාජික රටවලින් ඉල්ලීමක් ද කළේය. සම්පත් විතැන් කරමින් සෞභාග්‍යය බෙදා ගෙන පරිවර්තනීය ප්‍රතිඵල තුළින් තරුණ ශක්තිය වර්ධනය කර නව නිපැයුම් හා තාක්ෂණය හරහා තිරසරභාවය ළඟා කර ගැනීමේ වැදගත්කමද හෙතෙම පෙන්වා දුන්නේය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය