පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතුරින් මෙරට පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබෙනවා.
මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායකගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය පිහිටුවනු ලැබුවේ 1946 වර්ෂයේ සැප්තැම්බර් මස 06 වැනිදා.
ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග ආදී ප්‍රතාපවත් චරිත නායකත්වය දැරූ එම පක්ෂයේ නායකත්වය 27 වසරක් මුළුල්ලේ හොබවනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ විසින්.
“ජ්‍යෙෂ්ඨ ඉතිහාසයක් ශ්‍රේෂ්ඨ අනාගතයක්” යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සිය 75වන සංවත්සරය සමරන අතර ඒ අනුව ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවය ඊයේ (05) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත් වුණා.
More Stories
ජුනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක්
යුද්ධය පැවති සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීමේ දී පවතින බාධා ඉවත් කිරීමට පියවර
ජනපති අනුරගෙන් පොරොන්දුවක්