එකම චීනය මූලධර්මයෙහි එල්බ සිටින බවට පිලිපීන ජනාධිපති Ferdinand Romualdez Marcos මහතා සිදු කළ ප්‍රකාශය පිළිගන්නා බව චීනය ප්‍රකාශ කරයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ(24) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. පිලිපීනය එකම චීනය මූලධර්මයෙහි එල්බ සිටින අතර එය තම රටේ නොවෙනස් ස්ථාවරය බව පිලිපීන ජනාධිපතිවරයා ඊයේ යළි ප්‍රකාශ කළේය. පිලිපීනය තායිවාන බෙදුම්වාදීන්ට අනුබල නොදක්වන බවත් චීනයේ පළාතක් වන තායිවාන ප්‍රදේශය එක්සත් කරන්නේ කෙසේ ද යන්න චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත් ඔහු අවධාරණය කළේය. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධ චීන පාර්ශ්වයේ අදහස කවරේ දැයි මාධ්‍ය වේදියෙක් විමසුවේය.
පිලිපීන ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය පිළි ගන්නා බව වං වෙන්බින් මහතා කීය. තායිවාන ප්‍රදේශය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසකි. චීනයේ එක්සත්වීම, ලෝක වාසීන්ගේ අපේක්ෂාවට ගැලපෙන ඓතිහාසික ප්‍රවණතාවකි. කවර හෝ තායිවාන බෙදුම්වාදී ක්‍රියාවක් පරාජය වනු ඇතැයි ද වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්