ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරඟ සඳහා පැමිණි එංගලන්ත කණ්ඩායමේ ක්‍රිඩකයින් නතරව සිටින ගාල්ල දඩල්ලේ සුපිරි සංචාරක හෝටලයේ තවත් සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් ආසදිත තිබෙනවා.
මේ බව අද (18) හඳුනාගත් බවයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ.
මේ ලෙස ආසාදනයට ලක්ව ඇත්තේ ගාල්ල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි හෝටලයේ මුළුතැන්ගෙයි හා ලොන්ඩ්‍රියේ සේවය කරන දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.
එසේම පසුගිය 14 වන දා මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකු ආසාදිතයින් බවට හඳුනා ගැනිමෙන් පසුව පෙරේදා හෝටලයේ සේවකයින් 98ක් සඳහා PCR පරික්ෂණ සිදුකර ඇති අතර එහිදි මෙම දෙදෙනාද ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.
ආසාදිතයින් දෙදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමුකර තිබෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්