උසස් පෙළ විභාග ප්‍රතිඵල අනිද්දා ( 5 වැනිදා) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඊයේ ( 02 වැනිදා ) පැවසීය.
මෙවර ද නව හා පැරණි වශයෙන් නිර්දේශ දෙකක් යටතේ ප්‍රතිඵල නිකුත් කෙරේ.
අයැදුම්කරුවෝ තුන්ලක්ෂයක පමණ පිරිසක් විභාගයට පෙනී සිටි අතර විභාගයෙන් සුදුසුකම් ලබන්නන් ලබන සැප්තැම්බර් මාසය ඇතුළත විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ප්‍රතිඵල නිකුත් කර දින කිහිපයක් ඇතුළත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද ප්‍රකාශ කරයි.
- Aruna
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති