අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එය කැඳවීමක් සිදු වූයේ නැහැ.
මෙම පැමිණිල්ල අද සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා.
එහෙත් ඊයේ දින උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශන හේතුවෙන් අද දින කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු කල් දමා තිබෙනවා.
ඒ අනුවයි රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල කැඳවීම ද කල් දමා තිබෙන්නේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්