ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේ දී -0.7% ලෙස අඩු වී ඇත. 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේ දී 1.3%ක් ලෙස වාර්තා වේ. එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේ දී -2.3% ක් ලෙස ද වාර්තා වන බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
උද්ධමනය පහළට

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති