සංවර්ධන කටයුත්තක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා කොටස මාස 06ක කාලයක් වසා දැමීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව කිලෝමීටර 120ක දුරක් සංවර්ධනය කිරීමට නියමිත අතර, ඒ සදහා ඩොලර් මිලියන 92ක් වැය කිරීමට නියමිතයි.
දැනට මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 80ක් වන අතර, මහව සිට ඕමන්තේ දක්වා කොටස සංවර්ධනය කිරීමෙන් පසු පැයට කිලෝමිටර 100ක උපරිම වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති