අමෙරිකාව වැනි රටවල් උතුරු කොරියාවට එරෙහිව ගෙනයන “සතුරු ප්‍රතිපත්තිවලට” එරෙහිව “පරාජය කළ නොහැකි හමුදාවක්” නිර්මාණය කිරීම තම අරමුණ බව එරට ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති කිම් ජොන් අන් පවසා ඇත්තේ උතුරු කොරියාව විවිධ අවි ආයුධ නිර්මාණය කරන්නේ යුද්ධයක් ඇරඹීමට නොව ස්වයං ආරක්ෂාව සඳහා බවය.
ඔහු ඒ බව පවසා ඇත්තේ එරට පැවති ආරක්ෂක ප්‍රදර්ශනයකදී ය.
එහි විවිධ සුවිසල් මිසයිල ප්‍රදර්ශනයට තබා තිබූ බව විදෙස් මාධ්‍ය පැවසීය.
එම ප්‍රදර්ශනය නම් කර ඇත්තේ “ස්වයං ආරක්ෂාව 2021” යනුවෙනි.
උතුරු කොරියාව විසින් මෑතකදී අධිධ්වණික සහ ගුවන්යානා නාශක මිසයිල අත්හදා බැලීය.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්