උතුරු කොරියාව විසින් අද (05) බැලස්ටික් මිසයිලයක් එල්ලකර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එරට නැගෙනහිර වෙරළ ආසන්නයෙන් එම මිසයිලය එල්ලකර ඇති අතර එය සිදුකර දකුණු කොරියානු නායකයා අලුත් දුම්රිය මාර්ගයකට මුල්ගල තබන අවස්ථාවේ වීම විශේෂත්වයකි.
එම දුම්රිය මාර්ගය ඔස්සේ දැනට බෙදී සිටින උතුරු සහ දකුණු කොරියානු දේශයන් යම් දිනක එකතුකළ හැකිවෙතැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජා ඉන් පැවසීය.
නමුත් උතුරු කොරියානු නායක, කිම් ජොන්ග් අන් ගේ ප්‍රතිපත්තිය ඊට ප්‍රතිවිරුද්ධ රාමුවක ඇති බව මිසයිල අත්හදාබැලීමෙන් පෙනීයන බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.
More Stories
ASEAN-GCC-චීන සමුළුව කලාපීය සහයෝගීතාව නව යුගයකට යොමු කරයි – මැලේසියාවේ අගමැති
චීන ළමා පුරෝගාමීන්ගේ ජාතික සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ජපානයේ ජීවත් වන යෝධ පැන්ඩාවන් හතර දෙනෙක් ජුනි මාසයේදී යළි චීනයට