පලස්තීනය පවසන්නේ ඊශ්‍රායල යුද ටැංකි ගාසා නගරයේ දකුණු තදාසන්න ප්‍රදේශයට වෙඩි තබමින් ඉදිරියට ගොස් ඇති බවත් ඒ සමගම ප්‍රචණ්ඩ ලෙස ගුවන් ප්‍රහාර ද එල්ල කළ බවයි.
එමෙන්ම ඊශ්‍රායල යුද ටැංකි උතුරු ගාසා තීරය දකුණෙන් වෙන් කිරීම සඳහා රෂීඩ් මාර්ගය කපා හැරීමේ උත්සාහයක යෙදී සිටින බව ද වාර්තා වී ඇත. රෂීඩ් වෙරළබඩ මාර්ගය දකුණු ගාසා තීරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයකි.
ආකර්ෂණීය ජයක් ලබමින් ගාසා නගරයෙන් පිටත ප්‍රදේශ ඔස්සේ ඉදිරියට ගමන් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද ප්‍රකාශ කර ඇත.
හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය වන අල්-කසාම් බලකායේ සටන්කාමීන් ආක්‍රමණික හමුදා ඉදිරියට පැමිණීම වැළැක්වීම සඳහා යුද ටැංකි නාශක මිසයිල එල්ල කර ඇති අතර ගැටුම් තවදුරටත් පවතින බව වාරතා වේ.
මේ අතර, ගාසා නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි තුර්කි රෝහල සමග සන්නිවේදනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළේය. ඊශ්‍රායල ගුවන් යානා ගාසා නගරයට දකුණින් පිහිටි Al-Quds රෝහල ආසන්න ප්‍රදේශය ඊයේ(02) වැටලූ බවත් ඉන් බොහෝ පිරිසක් මිය ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය පවසයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ