ඊශ්‍රායලය සමග ඇති සියලුම වෙළෙඳ ගනුදෙනු අත්හිටුවන බවට තුර්කිය ගත් පියවරට එරෙහිව ඊශ‍්‍රායලය ප්‍රතිසම්බාධක රැසක් පනවයි.
ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය ඊයේ(03) මේ බව නිවේදනය කළේය. ආර්ථික අමාත්‍යංශය හා බදු කාර්යාංශය සමග සාකච්ඡා කිරීමෙන් පසුව එරට විදේශ අමාත්‍යංශය එම තීරණය ගෙන ඇත. තුර්කිය, පලස්තීනයේ බටහිර ඉවුර සහ ගාසා තීරය සමග පවතින ආර්ථික සම්බන්ධතා අඩු කිරීම, තූර්කිය අදාළ වෙළඳ ගිවිසුම් කඩා දැමීම නිසා ජාත්‍යන්තර වෙළඳ සංවිධාන එරටට එරෙහිව සම්බාධක පැනවීමට මැදිහත් වීම ද ඊට ඇතුළත් ය. එසේ ම, තුර්කියේ නිෂ්පාදනයන් ආනයනය කිරීම වෙනුවට ආදේශයන් ඊශ්‍රායලය සම්පාදන කරනු ඇති බවත් තුර්කියේ එම තීරණයෙන් බලපෑම්වලට එල්ල වූ තම රටේ අපනයන ආයතනවලට සහාය ලබා දෙන බව ද ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය කියාසිටී.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්