ඊයේ (09) දිවයින පුරා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 218 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ඊයේ අරලිය ගහ මන්දිරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් තුළ පොලිස් නිලධාරියෙක් මියගොස් ඇති අතර එසේම ගාලුමුවදොරට පැමිණි පුද්ගලයෙක් හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
එසේම වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස අසල ඊයේ රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
නිට්ටඹුව ප්‍රදේශයේ විරෝධතාවක් අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළද ඊයේ (09) ජීවිතක්ෂයට පත් වුණා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති