ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රශ්නයක් බවත් එය මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
මහා ධන සම්පත් තිබෙන, තාක්ෂණයෙන් ඉහලම, ලෝකයේ බලවත්ම රටේ ආරක්ෂක මුලස්ථානය හෙවත් පෙන්ටගනයට සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වූ බවත් බින් ලාඩන් ගේ ප්‍රහාරය ඊට සති දෙකකට කලින් ඇමරිකානු බුද්ධි අංශ විසින් දන්වා තිබූ නමුත් ප්‍රහාරය වලක්වා ගන්න ඇමරිකාවටත් බැරි වූ බව වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදි.
අපේ රට, අපේ ජාතිය, අපේ භාෂාව, අපේ ආගම මේ බෞද්ධ සමාජය, බෞද්ධ රට ආරක්ෂා කර ගැනීම සඳහා සැමවිටම අපි දිවිහිමියෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද සිරිසේන මහතා අවධාරණය කරන ලදි.
ලක්දිව විශාලතම බෞද්ධ පුස්තකාලය සදහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුරතින් (අද) 2021-03-06 වන දින උදෑසන 9ට අතුරුගිරිය, ගල්වරුසාව පාර, යුනිවර්සල් පාර්ක් නිවාස සංකීර්ණ භූමියේ දී සිදු කෙරුණු අතර එම අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදු කරන ලදි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති