ඉන්දුනීසියාවේ ඉලි ලෙවොටොලොක් ගිනි කන්ද විදාරණය වී තිබේ. ඒ හේතුවෙන්,ගිනි කන්ද අවට ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරිණ. අග්නිදිග ආසියානු දූපත් රාජ්‍යයක් වන ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනි කඳු 130ක් පමණ පවතියි.
ඒ හේතුවෙන් ගිනිකඳු ආශ්‍රිත ආපදා තත්වයන් නිරන්තරයෙන් හටගැනේ. ඉන් වඩාත්ම පීඩාවට පත්වන්නේ,ප්‍රදේශවාසීන්. ඉලි ලෙවොටොලොක් ගිනි කන්ද විදාරණය වීමත් සමග එරට අභ්‍යන්තර ගුවන් තොටුපොළ ද වසා තැබීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍යවල සඳහන්.
ගිනි කන්ද විදාරණය වීමත් සමග ඉන් නැගුණු අළු හා දුමාරය කිලෝමීටර 4ක් පමණ ඉහළ අහසට ගමන් කර තිබේ. කෙසේ වුවද,ගිනි කන්ද විදාරණය වීමෙන් මෙතෙක් කිසිඳු ජීවිත හානියක් සිදුව ඇති බවට වාර්තා වන්නේ නැහැ.
එහෙත්, ගම්මාන 26ක පුද්ගලයින් 3,000කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත කඳවුරු වෙත යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්