රුසියාවේදී ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන් ත්‍රෛපාර්ශ්වික විශේෂඥයන්ගේ සාකච්ඡාව පැවැත්වීමට චීනය සහයෝගය දක්වයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (8) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. 7,8 දෙදින මොස්කව් හිදී ඉරානය, රුසියාව හා චීනය යන ත්‍රෛපාර්ශ්වික විශේෂඥයන්ගේ සාකච්ඡාව පැවැත්වූ බව ඉරාන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Lin Jian මහතා අදාළ ස්ථාවරය පැහැදිලි කර ඇත.
දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය විසඳා ගැනීම එකම නිවැරදි තෝරා ගැනීමක් බවට දැඩි ලෙස විශ්වාස කරන චීනය, ඒ සඳහා තවදුරටත් උත්සාහ දරනු ඇති බවද හෙතෙම පැවසීය. ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ පද්ධතිය සුරක්ෂිත කරමින් මැද පෙරදිග ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය සහිතක කිරීම සඳහා චීනය ඒ ඒ පාර්ශ්වයන් සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ හා සංවාද පවත්වනු ඇත. විවිධ පාර්ශ්වයන්ගේ නිසි අවශ්‍යතාවලට ගරු කරන සේ ඉරාන න්‍යෂ්ටික ගැටළුවට විසඳුම් ලබා ගැනීම පෙළඹවීමට චීනය අඛණ්ඩව ප්‍රයත්න දරන බවද Lin Jian මහතා පැවසීය.
More Stories
දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා