ගිනිකොනදිග ඉරානයේ Kerman නගරයේ පසුගිය දා සිදුවූ මාරාන්තික බෝම්බ ප්‍රහාර දෙකෙහි වගකීම ත්‍රස්ත සංවිධානයක් වන ඉස්ලාමීය රාජ්‍ය හෙවත් IS කණ්ඩායම ඊයේ(04) භාරගෙන තිබේ.
සිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම පිපිරීම සිදු කළ බවට IS නිවේදනය කළ බව ඉරානයේ නිල ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය. ඇමරිකාවේ ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගිය Qassem Soleimani ගේ සුසාන භූමිය අසල පැවති සිව්වන අනුස්මරණ උත්සවයට මෙම ද්විත්ව බෝම්බ ප්‍රහාර එල්ල විය. ඉන් පුද්ගලයින් 84 දෙනෙකු මිය ගොස් තවත් 284 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පළමු පිපිරුම සොහොන් ගැබේ සිට මීටර් 700 ක් පමණ දුරින් සිදු වී ඇති අතර දෙවැන ප්‍රහාරය කිලෝමීටරයකට දුරින් සිදුව තිබේ. ඉරානයේ උත්තරීතර නායක Ali Khamenei විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ මෙම මාරාන්තික ත්‍රස්ත ප්‍රහාර “රාජ්‍ය ත්රස්තවාදයක්” බවත් ඊට දරුණු ප්‍රතිචාරයක් දක්වන බවත්ය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය