ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ඉරාකයේ සහ සිරියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා කියාසිටී. ඔහුගේ ප්‍රකාශක Stéphane Dujarric මහතා, මහලේකම්වරයාගේ ප්‍රකාශය නිවේදනය කරමින් මේ බව පැවසීය.
එම ප්‍රදේශවල තත්ත්වය තවදුරටත් උග්රවීම වළක්වා ගැනීම සඳහා සියලු පාර්ශ්ව උපරිම සංයමයකින් ක්‍රියා කරන ලෙස Guterres මහතා එම ප්‍රකාශයෙන් ඉල්ලා සිටී. මැදපෙරදිග ප්‍රදේශය දැනටමත් දැඩි අස්ථාවර තත්ත්වයක පවතින බවත්, විවිධ පාර්ශ්වයන්ගේ වැරදි විනිශ්චයන්ට තුඩුදෙන එම තත්ත්වයෙන් බරපතල ප්‍රතිවිපාක සිදු විය හැකි බවත් හෙතෙම පෙන්වාදෙයි.
මීට අමතරව, ඉරානය සහ ඉරාකය අතර ආරක්ෂක ගැටළු සාමකාමී සහ සංවාද මගින් විසඳාගත යුතු බව ද මහලේකම්වරයා පවසා ඇත. එහිදී සියලු පාර්ශ්වයන්ගේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කරමින් යහපත් අසල්වැසි හා මිත්‍රත්වයේ මූලධර්මය මත පදනම් ව ක්‍රියා කළ යුතු බව ද Guterres මහතා අවධාරණය කරයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්