Lanka Plus News

www.lankaplusnews.com

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ලංකාවට ණයක්

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් අ.ඩො. මිලියන 500ක ණය සැලැස්මක් ලබාගැනීමට රජයේ අවධානය යොමු තිබෙනවා.

මෙරට පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමේ අර්බුදයක් පවතින අතර, ඒ සඳහා බලශක්ති අමාත්‍යංශය මීට පෙර රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් අදාළ ණය මුදල ලබාගැනීම සඳහා වන කොන්දේසි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com