ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා හමුදාව යොදවන බව බ්‍රිතාන්‍යයේ ව්‍යාපාර කටයුතු පිළිබඳ ලේකම් (අමාත්‍ය) ක්වාසි ක්වාටන්ග් පවසයි.
ලොරි රථ රියදුරන්ගේ හිඟය හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ මෙන්ම යුරෝපයේ රටවල් කිහිපයකම මේ වනවිට අර්බුද ගණනාවක් නිර්මාණය වී තිබේ.
මෙම අර්බුදවලින් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ එක්සත් රාජධානියට වන අතර තෙල් සමාගම් කිහිපයක් ම සිය ඉන්ධන පිරවුම් හල් වසා දමන බවට ප්‍රකාශ කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය වැසියෝ ඉකුත් දින කිහිපයේ දී ඉන්ධන පිරවුම්හල්වලට රැස්වූහ. ඉන්ධන පිරවුම් අසල දිගු පෝලීම් නිර්මාණය වී ඇති ආකාරය ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඉන්ධන බෙදා හැරීම සඳහා ඉදිරි දින කිහිපයේ දී හමුදාව යොදවන බව පෙට්‍රල් සැපයුම් සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදය විසඳීමට හැකිවනු ඇතැයි ද ක්වාසි ක්වාටන්ග් පැවැසීය. ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම් නිර්මාණය වී ඇති බවත් පිළිගත් අමාත්‍යවරයා ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන් වී ඇතැයි ද කීය.
මේ හේතුවෙන් දුෂ්කරතා රැසක් මතු වී ඇතැයි ද හෙතෙම කීවේ ය. එක්සත් රාජධානිය තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා ඉන්ධන සැපයුම ක්‍රමවත් කිරීමත් සමඟ මෙම අර්බුදය පහව යනු ඇතැයි ද කීය.
ඉන්ධන ටැංකි රැගත් ලොරි රථ ධාවනය කිරීම සඳහා මේ වනවිට හමුදා සොල්දාදුවන් 150 දෙනකු සූදානම් කර ඇති බවත් ඔහු පැවැසීය.
ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදය විසඳීම සඳහා හමුදාව සූදානමින් තිබන බව බ්‍රිතාන්‍ය රජය ඉකුත් දින කිහිපයේදීම ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මෙම කටයුතු සඳහා හමුදාව යෙදවීමට දින කිහිපයක් ගතවනු ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්