ඉන්ධන අලෙවියෙන් රජය රුපියලක් පාඩු ලැබීම හේතුවෙන් ඒ සඳහා ඉන්ධන පිරවුම්හල්වල කැටයක් තබා පාඩු වන රුපියල එකතු කිරීමට අනුරාධපුරයේ ජනතාව පියවර ගෙන තිබෙනවා.
ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කළද තවමත් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියලක පාඩුවක් සිදු වන බවයි.
මහජනතාව ලෙස ණයට තෙල් ලබා ගැනීමට කටයුතු කිරීමට සූදානම් නොමැති බවත් ඒ අනුව මෙලෙස සිදුවන පාඩුව කැටයකට එකතු කර බලශක්ති අමාත්‍යවරයාට යැවීමට කටයුතු කරන බවයි ජනතාව පවසන්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති