ඉන්ධන පිරවුම්හල්වලින් රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම අද සිට සීමා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2,000 ක් හා ත‍්‍රීරෝද රථ සඳහා රුපියල් 3,000ක ඉන්ධන සීමාවක් පනවා තිබෙනවා.
එමෙන්ම මෝටර් රථ, වෑන් රථ සහ ජීප් රථ සඳහා රුපියල් 8,000ක් ලෙසත් ඉන්ධන නිකුත් කිරීමටයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙන්නේ.
බස් රථ, ලොරි රථ සහ වාණිජමය රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී මෙම සීමාවන් අදාළ වන්නේ නැහැ.
මීට අමතරව අද සිට බූලිවලට ඉන්ධන ලබාදීම තහනම් කිරීමට පියවර ගත් බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු