ඉන්ධන නිකුත් කිරීමට පාරිභෝගියින් ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කර සතිපතා කෝටාවක් ලබාදීම හැර වෙනත් විකල්පයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ජූලි පළමු සතියේ සිට එම ක්‍රමය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙරට මූල්‍ය ශක්තිය ස්ථාවර වනතුරු සහ පැය 24 පුරා ඉන්ධන මෙන්ම විදුලිය ලබා දීමේ අරමුණින් මෙලෙස ලබන මස පළමු සතියේ සිට කෝටා ක්‍රමයට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
විදුලිය සහ භූමිතෙල් සඳහා ඉල්ලුම වැඩි වීමට ගෑස් හිඟය බලපා ඇති බවත් ඉන්ධන ආනයනයට මිට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් පමණ වූ වියදම මේ වනවිට ඩොලර් මිලියන 550 දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වේ.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති