ඉන්ධන මිල අඩු කරන්නේ නම් ,ඉන්ධන ආනයනය සීමා කර ,සලාක ක්‍රමයට ලබා දීමට සිදු වනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත .
එසේ කරන්නේ නම් බදු අඩුකර, ඉන්ධන මිල පැවති තත්වයට ගෙනැවිත් සලාක ක්‍රමයක් සකස් කිරීමට කමිටුවක් පත් කරන්නැයි ද ගම්මන්පිල මහතා ඉකුත් සතියේදී පැවති කැබිනට් රැස්වීමේ දී යෝජනා කර ඇත
ඉන්ධන මිල වැඩි කිරීමට බලපෑ ප්‍රධාන සාධකය ඩොලර් හිඟකම බව පෙන්වා දී ඇති ගම්මන්පිල මහතා පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල අඩු කළ නොහැකි බව සදහන් කර ඇත.
ඉන්ධන මිල මෙතරම් ප්‍රමාණයකින් එකවර වැඩි කිරීම වැරදි බව ඇතැමුන් කීවද ඩොලර් හිඟය හමුවේ වෙනත් විකල්පයක් නොමැති බව ද ඔහු පවසා ඇත .
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති