ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනා නිදහස් කරගැනීම සඳහා මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තම ධීවරයින් අත්අඩංගුවට ගැනීම හෙළාදකින බවය.
ඉන්දු – ලංකා ධීවර ගැටලුව සඳහා ස්ථිර විසදුමක් ලබාදිය යුතු බව ද එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියෙන් පෙන්වා දී තිබේ.
ඊයේ දිනයේ ඉන්දීය ධීවර රාජ්‍ය අමාත්‍ය එල්. මුරුගන් විසින් අදාළ ධීවරයින් නිදහස් කරගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ද ඉල්ලීමක් සිදුකර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්