ඉන්දීය ජනතාවගෙන් මෙරටට ලැබුණු රුපියල් බිලියන 2 ක් පමණ වටිනා මානූෂීය ආධාර තොගය දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාවට බෙදාදීම ආරම්භ කර තිබෙනවා.
ආදාළ ආධාර තොගය සඳහා සහල් මෙට්‍රික් ටොන් 9000 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50 ක් හා අත්‍යවශ්‍ය ඖෂධ මෙට්‍රික් ටොන් 25 ක් අයත් වනවා. ඒ අනුව ආධාර බෙදාදීම මේ වන විට ආරම්භ වී ඇති අතර බදුල්ලේ පවුල් එක් ලක්ෂ දසදහසකට, එසේම වැලිමඩ, හපුතලේ, හල්දුම්මුල්ල සහ කොළඹ වතු ආශ්‍රිත ජනතාවට ප්‍රථම අදියර යටතේ වියලි සලාක ලබාදීම සිදුකර තිබෙනවා.
මේ අතර ඉන්දීය රජයේ ආධාර ලෙස ලැබුණු භූමිතෙල් ලීටර 15,000 ක් යාපනය දූපත්වාසී ධීවර ජනතාව වෙත බෙදාදීමද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති