ඉන්දියාව සිය හමුදා ශක්තිය ද ලොවට ප්‍රදර්ශනය කරමින්, 73 වැනි ජනරජ දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරුවේය.
සුපුරුදු පරිදි ප්‍රධාන සැමරුම් උත්සවය නවදිල්ලි අගනුවර රාජ්පාත් කේන්ද්‍රකොට ගනිමින් පැවැත්විණි.
සැමරුම් උත්සවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ ඉන්දියාවේ වේලාවෙන් උදේ 10 ටය.
මේ වනවිට ඉන්දියාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉහළ යෑමට පටන්ගෙන ඇති බැවින්, ජනරජ දින සැමරුම් උත්සවයට සහභාගී කරවා ගැණුනේ එන්නත් ලබා ගත් පිරිස පමණි.
ඒ අතර, අවුරුදු 15 ට වැඩි, පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා මෙන්ම එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් පාසල් දරු දැරියෝ ද වූහ.
හමුදා සොල්දාදුවන්ට අමතරව, සැමරුම් උළෙල අලංකාර කිරීමට, ඉන්දියාව පුරා නර්නත කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් 480 දෙනකු සහභාගී වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්