දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුණු විකෘතිතා අධික නව කොරෝනා ප්‍රභේදය ඔමික්‍රොන් ලෙස නම් කිරිම පිළිබඳ ඉන්දියාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසීමක් කර තිබෙනවා.
ඉන්දියා ටුඩේ පුවත්පත වාර්තා කළේ කොරොනා වෛරස නම් කිරීමේ පිළිවෙත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෙනස් කර ඇති බවයි.
ග්‍රීක හෝඩියේ 15 වන අක්ෂරය වන ඔමික්‍රොන්, තාරකා විද්‍යාවේදී තරු මඩලේ 15 වන තාරකාවද වනවා.
කොරෝනා වෛරස් නාමකරණයේදි බී – 1 -1 – 529 ලෙස හඳුනා ගැණුනු නව ප්‍රභේදය නම් කිරීම සඳහා මීළගට තෝරා ගත යුතු අක්ෂරය වූයේ ‘නු’ යන්න බව විදෙස් වාර්තා වල සඳහන්.
නව යන අරුත් ඇති ‘නු’ අක්ෂරය ග්‍රීක බසින් නි ලෙස ශබ්ද නැගෙන බැවින් එය නව වෛරසය නම් කිරීමට නොගැලපෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් මඩුල්ල තීරණය කර ඇත්තේ.
ඒ අනුව ඊට පසු යෙදෙන ෂී අක්ෂරයද මගහැරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමගින් චීන ජනාධිපති ෂී ජින්පින් සිහිපත් වීම හේතුවෙන් බවයි.
එලෙස සිතා මතා ෂී අක්ෂරය ඉවත දැමුවේ ද යන්න පිළිබඳ ඉන්දියාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසා තිබෙනවා.
මේ අතර ඔමික්‍රොන් නව වෛරස් ප්‍රභේදය හමුවේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් විශේෂ සාකච්ඡාවක් කැඳවනු ලැබුවා.
More Stories
චීනයේ පරිභෝජන දිරිගන්වන ප්‍රතිපත්තියෙන් විදෙස් ආයෝජක විශ්වාසය වඩාත් තහවුරු වෙයි
ජපානය තායිවාන ධීවර නෞකාවක් සිය භාරයට ගැනීම සම්බන්ධයෙන් චීනයෙන් දැඩි විරෝධය
Harvard විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හා හුවමාරු ශිෂ්‍යත්ව වැඩසටහන් අවලංගු කිරීමට අදාල ඇමරිකානු රජයේ තීරණයට චීනයෙන් ප්‍රතිචාරය