ඉන්දියාවේ ඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීම අද සිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව පෙට්‍රල් මත පනවා තිබූ බද්ද ඉන්දීය රුපියල් 5කින් අඩු කර ඇති අතර ඩීසල් මත පනවා තිබූ බදු අඩු කර ඇත්තේ රුපියල් 10කින්.
මෙම බදු අඩු කිරීමත් සමඟ එරට පෙට්‍රල් ලීටරයක නව මිල ඉන්දීය රුපියල් 103යි ශත 97 දක්වාත් ඩීසල් මිල 86යි ශත 67 දක්වාත් පහත දමා තිබෙනවා.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහල යාමත් සමග ජනතාව මත ඇති වූ පීඩනය අවම කිරීම සදහා මෙම පියවර ගත් බවයි ඉන්දීය මධ්‍යම රජය ප්‍රකාශ කරන්නේ.
More Stories
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්
කලාපය තුළ මතවාදී කණ්ඩායම් ගොඩනැගීම සහ කලාපීය ආතතීන් උත්සන්න කිරීමට දරන ඕනෑම උත්සාහයකට විරුද්ධයි –චීනය