ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ සිදුවු පළමු මරණය වාර්තා වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ 73 හැවිරිදි පුද්ගලයෙකු බවය.
අදාළ මරණය ඉන්දියාවේ රාජස්ථාන්, උදයිපූර් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
ඔමික්‍රෝන් ආසාදිතයෙකු බවට පසුගිය 15 වැනිදා හදුනාගත් මෙම පුද්ගලයා මේ දක්වා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බවද සඳහන් වෙයි.
මේ අතර කොවිඩ් ආසාදිතව නිවෙස් නිරෝධායනයට යොමු වන පුද්ගලයින් සදහා වන නිරෝධායන කාල සීමාව දින 10 යේ සිට 7ක් දක්වා අඩු කිරීමට ඉන්දිය රජය තීරණය කර තිබේ.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ කොවිඩ් ආසාදිතයින් සඳහා දින 14ක නිරෝධායන කාලසීමාවක් අවශ්‍ය බවට තවදුරටත් නිර්දේශ කරන බවය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය