දකුණු ඉන්දියාවේ ඊච්චමලේ ප්‍රදේශයේ සිට ධීවර බෝට්ටුවකින් මෙරටට පැමිණ යාපනය ගුරු නගර ප්‍රදේශය නිවසක සැඟව සිටි (26) හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමුකළ බව යොමු කළ බව පොලිසිය කියයි
මෙම සැකකරු ඉකුත් 8 වැනි දින මන්නාරමට පැමිණ පසුව ය යාපනය ගුරු නගර ඥාතියෙකුගේ නිවසේ සැඟව සිට ඇති බවද පොලිසිය.
මොහු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව යාපනය පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් එක්ව මොහු අත්අඩංගුවට ගෙන නිරෝධායන සඳහා යොමුකර ඇත.
මොහු 2008 වසරේ දී මෙරට සිට ඉන්දියාවට පලාගොස් ඇති අති පුද්ගලයෙකි
නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු සැකකරුට එරෙහිව ආගමන විගමන නීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිසිය සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති