ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ඉන්දීයාව සහාය හා පහසුකම් දැක්වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉන්දියාව අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය දක්වන බව නැවත නැවතත් ප්‍රකාශ කරන බව මහ කොමසාරිස් කාර්යාලය කියයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවට අදාළව, ඉන්දීයව ඊට සහාය දැක්වූයේ යැයි පළ වන වාර්තා අසත්‍ය බව එම ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සහ වටිනාකම්, ස්ථාපිත ආයතන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවක් තුළින් සෞභාග්‍යය සහ ප්‍රගතිය සඳහා වන සිය අභිලාෂ ඉටු කරගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාවේ අඛණ්ඩ සහාය හිමි වන බව එහි තවදුරටත් දැක්වේ.
More Stories
මැද පෙරදිග කලාපයේ ගැටුම් සමනය සඳහා සහාය දෙන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවට චීනයෙන් ඉල්ලීමක්
ගිම්හාන ඩාවෝස් සංසදය මගින් ලෝක ආර්ථිකයට වඩාත් වැඩි ස්ථාවරත්වයක් හා නිශ්චිතභාවයක් එක් කරනු ඇත–චීනය
ඉරානයට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරය චීනයේ දැඩි දෝෂ දර්ශනයට