Lanka Plus News

www.lankaplusnews.com

ඉන්දියාවෙන් ණය ගන්න ගිවිසුමට අත්සන් තබයි

ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ඉන්දියාවෙන් ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

අද පස්වරුවේ නවදිල්ලි නුවරදී ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ගිවිසුමට අත්සන් තබා ඇති අතර, ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා අත්සන් තබා තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේදි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුලූ පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ දෙදින ඉන්දීය නිල සංචාරය අතරතුරයි මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com