මේ මොහොතේ රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අදහසක් නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
මෙම ප්රශ්නයේදී රජයට ඇති අවසන් විකල්පය වන්නේ නිරෝධායන ඇඳිරි නීතිය බවද ඔහු පැවසීය.
මේ මොහොතේ රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ ඉක්මනින්ම ජනතාව එන්නත්කරණට ලක් කිරීම බැවිනි අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් පසු ඉදිරිය දෙවියන්ට භාර දෙන බවද ඔහු කියා සිටියේය.
ඇදිරි නීතිය පනවන්නේදැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යවේදියෙකු කල විමසීමට ප්‍රතිචාර ලෙස ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
- lanka c news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති