මන්නාරම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තලෙයිමන්නාරම පොලීසියේ නිලධාරින් විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම විදුලි බලාගාරයේ ආරක්ෂක අංශ රාජකාරියේ නිරතව සිටි පුද්ගලයෙකු ද වන බව සඳහන් වේ.
ඔවුන් විසින් එහි ඉදිකිරිම් සඳහා රැගෙනවිත් තිබූ කේබල් මීටර් 340ක් සොරා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (10) මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති