ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.ඒ කොරෝනා අර්බුදය හමුවේ ඉතාලි රජය, රාජ්‍ය මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවලින් ඉතාලි රජයට විවේචන එල්ලවන පසුබිමකදීයි.
කෙසේවෙතත් නව සභාග රජයක් පිහිටුවීමට කොන්ටෙ මහතා කටයුතු කරනු ඇත්ද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොන්ටේ මහතා ඉතාලි ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා මහතා හමුව ඇත.
ඉතාලි ජනපතිවරයා ශක්තිමත් රජයක් පිහිටුවීමට කොන්ටෙ මහතා ගේ සහාය පැතීමට ඉඩ පවතින බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉකුත් සතිය තුළ ඉතාලි ජනපතිවරයාට සෙනෙට් සභාවේ බහුතරය අහිමි විය.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්