ඉතාලියේ සිසිලි ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
මහල් නිවාස සංකීර්ණයක ගෑස් කාන්දුවක් හේතුවෙනුයි මෙම පිපිරීම සිදුව ඇත්තේ. පිපිරීමෙන් ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර ගින්නක් ද හටගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එහි පදිංචිව සිටි පුද්ගලයින් දස දෙනෙකු අතුරුදහන් බව සහන කණ්ඩායම් සඳහන් කරනවා. ඔවුන් අතරට කුඩා ළමුන් තුන් දෙනෙකු ද ඇතුළත්. මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්