ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
ඒ, එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සදහායි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ලබන නොවැම්බර් මස 22 වැනිදා ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිත බවයි.
ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතයි.
එම තරග තුනම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනු ඇත.
පළමු එක්දින තරගය නොවමැබ්ර් මස 25 වැනිදා
දෙවන එක්දින තරගය නොවැම්බර් මස 27 වැනිදා
තෙවන එක්දින තරගය නොවැම්බර් මස 30 වැනිදා පැවැත්වෙනු ඇත.

More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට