මහා බ්‍රිතාන්‍යයේ කොවිඩ් වයිරසය ආසාදනය වීම වැළැක්වීමට නිෂ්පාදනය කර ඇති ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා‘ එන්නත ලබාගත් එරට වැසියන් 7 දෙනකු අසාමාන්‍ය ලේ කැටි ගැසීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. තවත් 23ක් එම තත්ත්වය මත රෝහල් ගත කර තිබේ.
මාර්තු මස 24 වැනිදා වන විට එම එන්නත බ්‍රිතාන්‍ය වැසියන් මිලියන 18කට ලබාදී අවසන් වූ බවත්, ලේ කැටි ගැසීමේ තත්ත්වයට මුහුණ දී ඇත්තේ ඉන් 30 දෙනකු බවත් එරට සෞඛ්‍ය අංශ පවසයි. එසේ වුවත් එම එන්නතේ අතුරු බලපෑමක් මීට හේතු වූවාදැයි මෙතෙක් තහවුරු වී නොමැත. මේ අතර තත්ත්වය සැලකිල්ලට ගෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම වහාම අත්හිටුවීමට නෙදර්ලන්තය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
- මුලාශ්‍ර දිනමිණ පුවත්පත
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්