බෙල්ජියම් අධිකරණයක් විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිෂ්පාදන සමාගමට නියෝගයක් සිදුකර තිබේ.
ඒ, ලබන සැප්තැම්බර් මස 27 වනදා වන විට යුරෝපා සංගමයට එන්නත් මාත්‍රා මිලියන 80.2ක් ලබාදෙන ලෙසටයි.
ඇස්ට්‍රාසෙනෙකා සමාගම මේ මස අවසානය වන විට එන්නත් මාත්‍රා මිලියන 120ක් ලබාදෙන බවට වූ ගිවිසුම කඩකිරීමට එරෙහිව යුරෝපා සංගමය පනවා ඇති නඩු විභාගයේදී අධිකරණය මෙම නියෝගය සිදුකර ඇත.
ඒ අනුව සැප්තැම්බර් මස 27 වන දින විට එන්නත් මාත්‍රා මිලියන 80.2ක් ලබාදීමට නොහැකි වන්නේ නම් එන්නතක් සදහා ඇමෙරිකානු ඩොලර් 12 බැගින් ඇස්ට්‍රාසෙනෙකා සමාගමට දඩ නියම කිරීම අධිකරණය නියෝග කළේය.
කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිෂ්පාදන සමාගම සදහන් කළේ යුරෝපා සංගමයට එන්නත් මාත්‍රා මිලියන 70කට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති බවයි.
ජුනි මස අවසන් වන විට මිලියන 80 ඉක්මවූ මාත්‍රා සංඛ්‍යාවක් යුරෝපා සංගමයට ලබාදිය හැකි බව එම සමාගම අධිකරණයට දැනුම් දී ඇත.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් හිගය හේතුවෙන් මේ වන විට ලොව රටවල් රැසකට දැඩි බලපෑමක් එල්ලව තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති