ඇසළ පුර පසළොස්වක පොහොය අදට (01) යෙදී තිබෙනවා.
සිදුහත් කුමරා මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක්‍රමණය, බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ‘ධම්මචක්ක පවත්තන සූත්‍රය’ දේශනා කිරීම යන කරුණු නිසා ඇසළ පොහෝ දිනය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වනවා.
රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීම ඇසළ පෝය දවසේ සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු