ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් තේරී පත්වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත.
නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ජයග්‍රහණය පිළිගැනීමට සූදානම් නැති බව මේ වන විට පෙන්නුම් කරමින් සිටියි.
ඇමෙරිකාවේ සම්ප්රදාය අනුව අලුතින් පත්වන ජනාධිපතිවරයා හා දැනට සිටින ජනාධිපතිවරයා සුහදව සාමාකමීව බලය හුවමාරු කර ගැනීමක් විය යුතු වුවත්, ට්‍රම්ප් අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ග අනුව පෙනී යන්නේ එවැනි දෙයකට ඔහු සූදානම් නැති බවයි.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිචිගන් නෙවාඩා හා පෙන්සෙල්වීනියා ප්‍රන්ත වල ඡන්ද යලි ගණන් කරන මෙන් ඉල්ලා නඩුවක් පවරා ඇත.
කෙසේ වුවත් වයස අවුරැදු 78 ක් වන ජෝ බයිඩ්න් ඇමරිකාවේ දිවුරුම් දුන් වයස් ගතම ජනාධිපතිවරයා බවට පත් වීමට ඉඩ ඇත.
කමලා හැරිස් ඇමරිකාවේ උප ජනාධිපති ධරයේ දිවුරුම් දෙන ප්‍රතම කාන්තාව වෙයි.
ඒ අනුව මේ වන විට ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ වාර්තා තුනක් අභියස සිටියි.
යම් කිසි විදහකින් ට්‍රම්ප් සුහදශීලී ලෙස බලය හුවමාරු කර නොගතහොත් එසේ ක්‍රියාකළ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඔහු වාර්තාවක් තබා ඉතිහාස ගත වනු ඇත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්