ඇමසන් වනාන්තරයේ බ්‍රසීලයට අයත් කොටස දැඩි ලෙස විනාශයට පත්වෙමින් පවතින බව අනාවරණය වී තිබෙනවා.
බ්‍රසීල රජය ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප මගින් මේ බව තහවුරු වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. එසේම මෙම වසරේ ජනවාරි මාසය තුළදී සිදුකළ ගස් කැපීම් තුළින් හානියට පත්ව ඇති වන භූමි ප්‍රමාණය 2021 වසරේදී හානියට පත්වූ භූමි ප්‍රමාණයට සාපේක්ෂව 5 ගුණයකින් ඉහළ ගොස් ඇති බව අදාළ චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණයේදී හෙළිව තිබෙනවා.
කෙසේවෙතත් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ, මෙම මහා වන විනාශයට බ්‍රසීලයේ වත්මන් රජය ඍජුව වගකිව යුතු බවයි. එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ අනුගමනය කරන ලිහිල් පිළිවෙත මෙම තත්ත්වයට දැඩි බලපා ඇති බව ද පරිසරවේදීන් චෝදනා නගනවා.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ