Lanka Plus News

www.lankaplusnews.com

ඇමරිකා සහ දකුණු කොරියා ජනාධිපති අතර සාකච්ඡාවක්

දකුණු කොරියාවේ සංචාරයක නිරත වී සිටින ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් දකුණු  කොරියා ජනාධිපති යූන් සුක් ඉයෝන් සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

උතුරු කොරියාව ක්‍රියාත්මක කරමින් සිටින න්‍යෂ්ටික වැඩපිළිවෙල මෙන්ම කලාපයේ සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් අදහස් හුවමාරු කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.  ඉන් පසු ඔහු ජපානයේ සංචාරය කිරීමට නියමිතයි.

දකුණු කොරියා සහ ඇමරිකා නායකයන් අතර සාකච්ඡාව පැය දෙකකට වැඩි කාලයක් පැවතුණා. ඔවුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. බයිඩ්න්ගේ ආසියා සංචාරයේ පළමු පියවර ලෙස දකුණු කොරියාවට පැමිණ තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com