ඇමරිකාව Shangri-La සංවාදයේදී ඊනියා “චීන තර්ජනය” උද්දීපනය කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.
ජපානය, ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය සමඟ එක්ව, ඇමරිකාව Shangri-La සංවාදයේදී ඊනියා “චීන තර්ජනය” උද්දීපනය කළ බවත්, නැගෙනහිර චීන මුහුද සහ දකුණු චීන මුහුදේ ගැටළු භාවිත කරමින් කලාපීය රටවල් අතර ගැටුම් ඇති කිරීමට උත්සාහ කළ බවත් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා ඊ(03) මාධ්‍ය හමුවේ සඳහන් කළේය. චීනය ඊට දැඩි විරුද්ධය පළ කරන බව ඔහු ප්‍රකාශ කර ඇත.
කණ්ඩායම් දේශපාලනය සහ කඳවුරු ගැටුම ප්‍රගුණ කිරීම, සීතල යුධ මානසිකත්වයක් වන අතර ඉන් ගැටළු විසඳීමට හෝ චීනය බිය ගැන්වීමට නොහැකි බවත් ලින් ජියන් මහතා පෙන්වා දුන්නේය. සමුද්‍රීය ගැටළු සම්බන්ධයෙන් චීනයට අපහාස කිරීම සහ අසත්‍ය තොරතුරු පළකිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියි. මේ අතර විවිධ සුවිශේෂී “කුඩා කණ්ඩායම්” රැස් කිරීම් නතර කළ යුතු අතර සංවාද සහ සාකච්ඡා හරහා ගැටළු විසඳීමට සහ කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට විවිධ පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ උත්සාහයන් අඩපණ කිරීම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද ලින් ජියන් මහතා ප්‍රකාශ කර ඇත.
More Stories
චීන මුහුදු සීමාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ පිලිපීන නෞකාවක් චීන වෙරළාරක්ෂක බලකාය පළවා හරී
චීන ජනපති සහ නවසීලන්ත අගමැති අතර හමුවක්
ද්විත්ව ජයග්‍රහණය හෝ ද්විත්ව පරාජය යනු චීනය හා ඇමරිකාව ඉදිරියේ ඇති මාර්ග දෙකක්– ඇමරිකාවේ චීන තානාපති