දකුණු චීන මුහුදු අර්බුදයට සම්බන්ධ පාර්ශ්වයක් නොවන ඇමරිකාව, චීනය හා පිලිපීනය අතර පවතින එම ප්‍රශ්නයට මැදිහත් නොවිය යුතු බව චීනය කියයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය. ඒ, දකුණු චීන මුහුදේ ස්වාධිපත්‍යය හා සාගර අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පිලිපීනයට සහාය දෙන බවට ඇමරිකානු ජාතික ආරක්ෂක ඇමතිවරයා පසුගිය දා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
ඇමරිකානු-පිලිපීන ආරක්ෂක ගිවිසුමෙන් චීනයේ ස්වාධිපත්‍යය සහ සාගර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ දැඩි අධිෂ්ඨානයට බාධා එල්ල නොවන බව ද Lin Jian මහතා අවධාරණය කළේය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්